වත්මන් ආණ්ඩුව ඒකාධිපතීත්වයකට ගමන් කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියි.
ඔහු මේබව කියා සිටියේ, ඊයේ (02) පස්වරුවේ කොළඹ ලිප්ටන් වටරවුමේ පැවති 'ජනබල සේනා' උද්ඝෝෂණය හා ජනරැළිය අමතමිනි.
එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, වත්මන්
ආණ්ඩුව මේ රටෙහි අනාගත පරපුරට තිබෙන භූමිය විදේශිකයන්ට විකුණා දැමීමට සූදානම් වන බවද ප්‍රකාශ කළේය.
'වැඩ බැරි පරගැති ආණ්ඩුව වහා පලවාහරිමු' යන තේමාවෙන් පැවති මෙම උද්ඝෝෂණ රැළිය ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කර තිබු අතර එය නියෝජනය කරන සියලු පක්ෂවල නායකයින් ඊට සහභාගිවිය.
බැඳුම්කර කොල්ලය, රණවිරු දඩයම, ජාතික සම්පත් විකිණීම, සිංගප්පූරු ගිවිසුම, ජීවන බර හා බදු බර ඉහළ යෑම, රට බෙදීම ඇතුළු කරුණු රැසකට විරෝධය පළ කිරීම සඳහා මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබිණි.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායමේ සිටින චන්දිම වීරක්කොඩි, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න හා අනුර ප්‍රියදර්ශන යාපා යන මන්ත්‍රීවරුන් ද මේ සඳහා එක්ව සිටියේය.
ලිප්ටන් වටරවුම අසල සිට පාගමනින් විහාරමහා දේවි උද්‍යානය දක්වා පැමිණි පිරිස එහි එළිමහන් රංග පීඨයේදී රට වනසන, වැඩ බැරි පරගැති ආණ්ඩුව වහා පලවාහරිමු යන තේමාවෙන් සංවිධාන කළ ජනරැළියට ද සහභාගි විණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද පස්වරුවේ රැළියට සහභාගි විය.
මෙහිදී අදහස් දැක්වූ 16 කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ 16 කණ්ඩායමේ 15 දෙනෙකු ස්ථිර වශයෙන්ම ඒකාබද්ධ විපක්ෂය සමඟ සිටින බවයි.
'වත්මන් ආණ්ඩුව ඒකාධිපතීත්වයකට ගමන් කරනවා' - මහින්ද
2018-08-03T07:52:00+05:30
Gossip Lanka Hot News
slide|