16 කණ්ඩායම පිලිගැනීමට පොහොට්ටුවේ බහුතරය අකමැතියි…

ආණ්ඩුමේ ඇමති ධුරවලින් ඉවත් වී ඒකාබද්ධ විපක්ෂයට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා පිළිගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බහුතරය අකමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

එම පිරිස ආණ්ඩුවේ මැති ඇමැති ධුර දරමින් සිටියදී කරන ලද ප්‍රකාශයන්
සහ ඉන්පසු ආණ්ඩුවෙන් ඉවත් වී කරන ලද ප්‍රකාශයන් මේ තත්ත්වයට හේතු වී ඇතැයි ද මන්ත්‍රීවරයා පවසයි

කෙසේ වෙතත් මෙම තත්වය නිවැරදි කරගැනීම ඔවුන්ගේ ම කාර්යයක් බවත් මේ වන විට ඔවුන් ගම්වලට ගොස් එම කාර්යය සාර්ථකත්වයට පත්කර ගනිමින් සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි

ඔහු මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියේ පැවති ‘සළකුණ’ දේශපාලන වැඩසටහන හා එක්වෙමිනි.

කෙසේ වෙතත් වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර වෙනත් ඕනෑම පුද්ගලයකු අගමැති කිරීම සඳහා එම කණ්ඩායම උත්සාහයක් දරන්නේ නම් එයට එකඟතාව පළ කළ යුතු බවද ඔහු එහිදී සඳහන් කළේය.

gossip lanka