සිව් වන බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා නේපාලයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (30) පෙරවරුවේ මියන්මාර් ජනාධිපතිවරයා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
අද දිනයේ බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වී සිටින සියලු රාජ්‍ය නායකයින්
සුහද පිළිසඳරක නිරතවීමට ද නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
බහු ආංශික, තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාලබොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් හතරවන රාජ්‍ය නායක සමුළුව අද නේපාලයේ කත්මන්ඩු නුවරදී ආරම්භ වේ.
අද සහ හෙට පැවැත්වෙන මෙම සමුළුවේ තේමාව වී ඇත්තේ බෙංගාලබොක්ක සාමකාමී සශ්‍රීක සහ තිරසර කලාපයක් බවට පත්කීරීම යන්නයි.
මෙම සමුළුවට සමගාමීව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමග ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද සැළසුම් කර තිබේ.
ශ්‍රී ලංකා - මියන්මාර් ජනපතිවරුන් අතර ද්විපාශ්වික සාකච්ඡා අද
2018-08-30T07:34:00+05:30
Gossip Lanka Hot News
slide|