මේ අවස්ථාවේ කිසිවකුගේ වැටුප් වැඩි කිරීමට සුදුසු වාතාවරණයක් රටේ නොමැති බවත් එසේ වැටුප් වැඩි කිරීමට තමා පෞද්ගලිකව එකඟ නොවන බවත් මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කර සිටියි.
මැති ඇමැතිවරුන්ගේ වැටුප් 215%කින් වැඩි කිරීමට පියවර ගන්නා බවට
මාධ්‍ය මඟින් පළ කර තිබූ වාර්තා පිළිබඳ අදහස් දක්වමින් ඇමැති මංගල සමරවීර මහතා එබව කියා සිටියේ, කොළඹ කොටුව පිහිටි මුදල් අමාත්‍යාංශයේ ඊයේ (02) සවස පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
අධිකරණ ක්ෂේත්‍රයේ අයගේ වැටුප් වැඩි කිරීමට සාපේක්ෂව මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමට කලින් එකඟතාවයක් තිබුණත් මේ අවස්ථාව ඊට සුදුසු නොවන බව ඇමැතිවරයා අවධාරණය කළේය.
විශ්‍රාමික මන්ත්‍රී පිරිසක් පැන්ෂන් එක වැඩිකර ගන්න කල ඉල්ලිමක් !
අධිකරණ ක්ෂේත්‍රයේ අයගේ වැටුප් වැඩි කිරීමට සාපේක්ෂව මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩි කරන ලෙසට කතානායක වරයට මුලින්ම යෝජනා කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරුන් පිරිසකි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටි බොහෝදෙනෙකු මේවනවිට මුල්‍ය දුෂ්කරතා මැද අසරණ ජිවිතයක් ගතකරන බවත්, එහෙයින් මන්ත්‍රී වැටුප් වැඩිකිරීම හරහා විශ්‍රාම දීමනාව වැඩිකර ගැනීම තම කණ්ඩායමේ අරමුණ වූ බවත් 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසු ජවිපෙ හිටපු මන්ත්‍රීවරයකු තවදුරටත් කියා සිටියේ, එම යෝජනාවට කථානායකතුමා ද දිනේෂ් ගුණවර්ධන, විමල් විරවංශ ඇතුළු පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් සියලු දෙනාම පාහේ එකඟවූ බවයි.
මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ තීරණයට පිටුපා මන්ත්‍රී වැටුප් වැඩි කිරීමට කටයුතු නොකළහොත්, ඔහුට එරෙහිව අධිකරණයට යන බවද එම විශ්‍රාමික මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසිය.
'වැටුප් වැඩි කිරීමට සුදුසු වාතාවරණයක් රටේ නැහැ' - මුදල් හා මාධ්‍ය ඇමති
2018-08-03T08:41:00+05:30
Gossip Lanka Hot News
slide|