"වහලය උඩ නෙවෙයි කොහෙ නැග්ගත් වෙනසක් නැහැ" - අධිකරණ ඇමතිනී

වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැග කාන්තා රැදවියන් පිරිසක් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබීම සම්බන්ධයෙන් අද පෙරවරුවේ (13) නිවිතිගල තුත්තිරිපිටිගම පාලම සදහා මුල්ගල තැබීමෙන් අනතුරුව මාධ්‍ය වේදීන් යොමු කළ ප්‍රශ්නවලට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතීඥ තලතා අතුකෝරළ මහත්මිය පිළිතුරු ලබා දුන්නාය.

මාධ්‍ය වේදීන් යොමු කළ ප්‍රශ්නවලට තවදුරටත්
පිළිතුරු ලබා දුන් අධිකරණ අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.

“මම ඒ සිද්ධිය දැක්කේ නැහැ මං ඉන්නේ රත්නපුරේනේ අද. ඒ පිලිබදව මං වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට උපදෙස් දිලා තියෙනවා .වහලය උඩ නොවෙයි කොහේ නැග්ගත් යන පිළිවෙළට යනවා මිසක් අපිට වෙනසක් කරන්ඩ බැහැ ඕන කෙනෙකුට තමන්ට කැමති විදිහට උද්ඝෝෂණය කිරිමේ අයිතිය අද මේ රටේ ඇති කරලා තියෙනවා. උද්ඝෝෂණය කරපුවාම වෙඩි තියන්නේ නැහැනේ ඉස්සර වගේ.ඒක හින්දා බන්ධනාගාරයට 2012 නොවැම්බර් 11 වැනිදා ගිහිල්ලා .මිනිස්සු ඝාතනය වෙච්ච විදිහට 27 දෙනෙක් ඝාතනය වුනු විදිහට ප්‍රශ්න හදන්නේ නැහැ.ඉතිං අපි බොහෝම කල්පනාකාරීව ඉවසිල්ලෙන් මේ ප්‍රශ්නයට විසදුමක් දෙනවා .කවුරුත් අද මේ රටේ පිළි අර ගෙන තියෙනවා බන්ධනාගාරය තුළ තවමත් නීති විරෝධී වැඩ කටයුතු කෙරෙනවා කියලා .ඒක මම කොහොම හරි පාලනය කරනවා.”


gossip lanka