තී‍්‍ර රෝද රථ රියදුරන්ට පැනවීමට ගිය වයස් සීමා නීතියට කැබිනට් මණ්ඩලයේදී වෙච්ච දේ

තී‍්‍ර රෝද රථ රියදුරන්ට පනවා තිබූ වයස අවුරුදු 35 නීතිය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

අවුරුදු 35ට අඩු තී‍්‍ර රෝද රථ රියදුරන්ට කුලී ගමන් සේවා තහනම් කරමිනුයි මෙම නීතිය පැනවීමට තීරණය කර තිබුණේ.

කෙසේවෙතත් නව නීතියට මුදල් අමාත්‍ය මංගල සමරවීරද ඉකුත් දා සිය
විරෝධය පළ කළා. අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඊයේ (21) ඉදිරිපත් කර ඇත්තේ ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වායි.



gossip lanka