පෙට්‍රල්, ඩීසල් මිල අද වෙනස් වෙයි

නව මිල සූත්‍රයට අනුව පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් අද සංශෝධනය වීමට නියමිතව තිබෙනවා.

ඒ, සෑම මාසයකම 10 වන දා ඉන්ධන මිල සංශෝධනය කිරීමට ගෙන ඇති තීරණයට අනුව යි.

මිල සංශෝධන කමිටුව අද පෙරවරුවේ රැස්වන බව මුදල්
අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

එය මහා භාණ්ඩාගාර සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශ නිලධාරීන්ගෙන් සමන්විත වනවා.

අද සිදු වන මිල සංශෝධනය පිළිබඳව තීරණය පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

මේ අතර ‍මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමක දී ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශ ලේකම් උපාලි මාරසිංහ සඳහන් කළේ, පසුගිය මාසයේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන්වල බරපතල වෙනසක් සිදුව නොමැති බව යි.

ඒ අනුව අද සිදු වීමට නියමිත මිල සංශෝධනයෙන් දැඩි බලපෑමක් නොවනු ඇතැයි ද ඔහු පැවසුවා.

අවසන් වරට ප්‍රෙටල් සහ ඩීසල් මිල සංශෝධනය වූයේ, පසුගිය මස 10 වන දා යි.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 08කින් හා ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් ඉහළ දැමුණා.

ඩීසල් ලීටරයක මිල රුපියල් 09කින් ද සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ද පසුගිය ජූලි මාසයේ ඉහළ ගියා.


gossip lanka