බුද්ධි අංශ අනතුරු අඟවද්දී පලාලි ගුවන්තොට බලන්න ඉන්දියාවෙන් එයි

පලාලි ගුවන්තොටුපළ පුළුල් කර තමිල්නාඩුව සහ පලාලි අතර ගුවන් ගමන් ආරම්භ කිරීමේ අරමුණින් එම ගුවන්තොටුපළ නිරීක්‌ෂණය කිරීම සඳහා ඉන්දීය නිලධාරීන් තිදෙනකු පලාලි වෙත පැමිණ ඇත.

මෙම ගුවන්තොටුපළ කලාපීය ගුවන්තොටුපළක්‌ කිරීම සඳහා ශ්‍රී ලංකා
රජය සහ ඉන්දීය රජය අතර ගිවිසුමක්‌ අත්සන් කර තිබේ.

පලාලි ගුවන්තොටුපළේ සිට විදේශ රටවලට යැමේ පහසුකම් ආරම්භ කරන බව යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල් එස්‌. බාලචන්ද්‍රන් මහතා මුල්වරට හෙළිකර ඇති අතර මෙරට ආරක්‍ෂක බුද්ධි අංශ පවසන්නේ කටුනායක වෙනුවට පලාලි සිට තමිල්නාඩුවට ඍජුව යැමට ඉඩදීමෙන් ආරක්‍ෂාවට තර්ජනයක්‌ වන බවයි.

(දිවයින)




gossip lanka