පාර්ලිමේන්තු සංකීර්ණයට අයත් ආරක්‍ෂක ගොඩනැගිලි නව තාක්‍ෂණ පහසුකම් සහිතව ප‍්‍රතිසංස්කරණය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපස සහ පිටුපස පිහිටි ආරක්‍ෂක
ගොඩනැගිල්ලිවල ආරක්‍ෂාව හා මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය නව තාක්‍ෂණික පහසුකම් සහිතව වැඩිදියුණු කිරීමට නියමිත බව සම කැබිනට් ප‍්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ගයන්ත කරුණාතිලක පැවසුවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනේ.
ග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
පාර්ලිමේන්තුවේ පහසුකම් වැඩි කරන්නට අනුමැතිය
2018-08-16T10:18:00+05:30
Gossip Lanka Hot News
slide|