පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පිළිබඳ පක්ෂ නායක රැස්වීම අද

පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පිළිබඳ පක්ෂ නායක රැස්වීමක් අද (23) පැවැත්වීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙය පැවැත්වීමට නියමිතය.

එහිදී එළඹෙන පලාත් සභා මැතිවරණය සහ සීමා නිර්ණ වාර්තාව පිළිබඳව
විවාදය සම්බන්ධයෙන් අවධානය යොමුවනු ඇත.

මේ අතර පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පිළිබඳ විවාදය හෙට (24) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.

පෙරවරු 11.00 සිට පස්වරු 6.00 දක්වා විවාදය පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

අදාළ යෝජනාව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් ඉදිරිපත් කරනු ලබයි.

පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත් නව ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වෙනු ඇත.

පාර්ලිමේන්තුවේදී එය සම්මත නොවුවහොත් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති කමිටුවක් වෙත යොමුකරනු ලබයි.

එම කමිටුව මාස දෙකක් ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන යෝජනා ඇතුළත් වාර්තාවක් ජනාධීපතිවරයා වෙත යොමු කරන බව සඳහන්ය.

අනතුරුව ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොට්ඨාශ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සදහන් කළේය.



gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by