මහ බැංකුවේ වංචාවෙන් පසු මේ වනවිට මහජන බැංකුවේද දැවැන්ත වංචාවක් සිදුවෙමින් තිබෙන බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
ඒ මහතා අනාවරණය කරන ආකාරයට මහජන බැංකුවේ උප සභාපතිවරයෙකු වන ජෙහාන් අමරතුංග නැමැත්තා විසින් සියළුම
නීත්‍යමය තත්වයන් උල්ලංඝණය කරමින් රුපියල් බිලියන 10ක ණයක් ලබාගෙන ඇත.
රුපියල් මිලියන 10ක ණයක් ලබා ගන්නා විට අඩුම තරමේ රුපියල් බිලියන 25ක වත්කම් තිබිය යුතු බවත් අනාවරණය කරන වසන්ත සමරසිංහ මහතා සඳහන් කරන්නේ විවිධ ණය ලබාගත් ඉහළ ධනවතුන් සඳහා පසුගිය අවුරුදු 3ක කාලය තුළ රාජ්‍ය බැංකුවලින් බිලියන 05ක පමණ මුදල් බොල් ණය ලෙස කපා හැර ඇති බවයි.
ගොවි ජනතාව ලබා ගන්නා ණය ගෙවීමට ප්‍රමාද වුවහොත් නඩු ගොනු කරන තත්වයක් තුළ සහ සාමාන්‍ය ජනතාවට කුඩා ප්‍රමාණයේ ණයක් ලබා ගැනීමට විශාල වෙහෙසත් දැරීමට සිදුව ඇති වටපිටාවක් තුළ මෙවැන් තැනැත්තෙකුට මෙලෙ නීතිවිරෝධී ලෙස ණය ලබාදීම සම්බන්ධයෙන් ඉදිරියේදී සම්පූර්ණ කරුණු අනාවරණය කරන බවද වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ ය.
ජෙහාන් අමරතුංග නැමැත්තා පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේද මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති අතර වත්මන් ආණ්ඩුවේද ඇමතිවරයෙකුට සමීප වෙමින් මොහු මෙලෙස මහජන බැංකුව විනාශ කරමින් සිටින බවද වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ ය.
මහ බැංකුවෙන් පසු මහජන බැංකුව… මහා පරිමාණ ගැහිල්ලක් එළියට…
2018-08-08T07:47:00+05:30
Gossip Lanka Hot News
slide|