ජනපති අද නේපාලයට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිල සංචාරක් සඳහා අද(28) දිනයේ නේපාලය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපීය රටවල තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව අරමුණුකර ගත් හතරවන බිම්ස්ටෙක් සමුළුවට සහභාගීවිම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණයි.

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන මෙවර බිම්ස්ටෙක් සමුළුව
ලබන 30 වන දින ආරම්භවිමට නියමිතයි.

මේ අතර රටේ සංවර්ධනයේදී කිසිදු බේදයක් නොමැති අතර උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවට ද සංවර්ධනයේ ප්‍රතිලාභ උදා කරදීමේ වගකීම ඉටු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඒ සඳහා පළාතේ සියලු මහජන නියෝජිතයින්ගේ මෙන්ම රාජ්‍ය නිලධාරින්ගේ ද සහයෝගය අපේක්ෂා කරන බවයි.

උතුරු නැගෙනහැර පළාත් සංවර්ධනය සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකාය දෙවන වරටත් ඊයේ(27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අතර එහිදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ගෙන යන වැඩපිළිවෙල මෙන්ම ජනතාවගේ ජිවනෝපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් විධිමත් සහ කඩිනම් කිරිමට මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය සඳහා වන ජනාධිපති කාර්යය සාධන බලකායේ පළමු රැස්වීම පසුගිය ජුලි 30 වනදා පැවැත් වූ අතර එහිදී ගනු ලැබූ පියවර ක්‍රියාත්මත වන ආකාරය සහ එහි ප්‍රගතිය පිළිබඳව ද සමාලෝචනයට ලක් කර තිබේ.

තවද උතුරු පළාතේ ප්‍රචණ්ඩත්වය සහ මත්කුඩු භාවිතය ඉහලයාමට අදාල ගැටළු ද සාකච්ඡාවට බදුන් කෙරුණු අතර මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය සඳහා ගෙන යන වැඩපිළිවෙල කාර්යක්ෂම කරන ලෙස ද මෙහිදී ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දෙනු ලැබීය.

මෙම සාකච්ඡාව සදහා විපක්ෂනායක ආර්.සම්බන්ධන් ඇතුළු උතුරු නැගෙනහිර පළාත්වල මහජන නියෝජිතයින් සහ රාජ්ය් නිළධාරින් සහභාගී වී සිටි බවයි ජනාධිපති මාධ්යන අංශය සදහන් කළේ.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්යම වෙත අදහස් දැක්වූ අමාත්යන මනෝ ගනේෂන් මහතා.


gossip lanka