සිරදඬුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දෙන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව එම සංවිධානයේ සංවිධායක මාගල්කන්දේ සුදත්ත හිමියෝ ඊයේ (9 වැනිදා) සඳහන් කළහ.
උන්වහන්සේ සිරබත් කෑ යුතු හිමි නමක නොවන බවත්
උන්වහන්සේ රට ජාතිය, ආගම, පෙරට තබා කටයුතු කරන යතිවරයාණන් වහන්සේ නමක් බවත් සුදත්ත හිමියෝ පැවැසූහ.
වාචිකව ඉල්ලා සිටින මෙම ඉල්ලීම ඉදිරියේදී ලිතව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ පිළිබඳ සාධනීය පිළිතුරක් ලබාදෙනු ඇතැයි මහානායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ අදහස බවත් උන්වහන්සේ කීහ.
ඥානසාර හිමියන් මිනී මරා හෝ වෙනයම් අකටයුත්තක් කර සිරදඬුවම් ලබා නොමැති බව පැවැසූ සුදත්ත හිමියෝ උන්වහන්සේගේ අතින් අධිකරණයට අපහාසයක් වී නැති බව තම විශ්වාසය බවද පැවැසූහ.
උන්වහන්සේ එම අදහස් පළ කළේ රාජගිරිය නාවල පාරේ පිහිටි ශ්‍රී සද්ධර්මරාජිත විහාරස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
ඥානසාර හිමිට ජනාධිපති සමාව ඉල්ලති
2018-08-10T08:32:00+05:30
Gossip Lanka Hot News
slide|