හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තුන්වන වතාවටත් ජනාධිපතිවරණයට තරඟ කිරීමේ හැකියාව ඇති බවට නීති විශාරදයන් මත පළ කරන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව තුන්වැනි වතාවට ජනාධිපතිවරණයක් සදහා තරග කල නොහැකි වුවද එම සංශෝධනය
අතීතතයට බලපාන ලෙස සම්මත වී නැති බවද ඔවුනගේ මතයයි.
අතීතයට බල නොපාන ලෙස මෙම සංශෝධනයව සම්මත වී ඇති නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙන්ම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියටද නැවත වතාවක් ජනාධිපතිවරණයකට තරග කිරීමට නීත්‍යානුකූල සුදුසුකම් ඇතැයි මෙම පිරිස අදහස් කරයිද වාර්තාවේ දැක්වෙයි.
කෙසේ වෙතත් මෙම කාරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඉදිරිපත් කළ යුතුව ඇති අතර ඒ සඳහා ඉදිරි දිනවලදී මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ඉඩ ඇතැයි ද පුවත්පත වැඩි දුරටත් සදහන් කරයි.
‘19’ සංශෝධනයේ හිලක්.. මහින්දට නැවතත් ජනාධිපතිවරණයට වරම්.. ශ්‍රේෂ්ඨාධිකරණයට තීරණාත්මක මූලික අයිතිවාසිකම් පෙත්සමක්..
2018-08-17T07:47:00+05:30
Gossip Lanka Hot News
slide|