සිරගෙදරට මාධ්‍ය වාරණයක් - අමාත්‍යංශයෙන් බන්ධනාගාරයට නියෝගයක්

බන්ධනාගාර වල කිසිදු තොරතුරක් මාධ්‍යට නොදෙන ලෙසත් ඊට අදාළ කිසිදු වැඩසටහනක් සංවිධානය නොකරන ලෙසත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දැනුම්දී ඇතැයි බන්ධනාගාර මූලස්ථානය ආරංචිමාර්ග අනාවරණය කරයි.

සමාජයට වැරදි පණිවිඩයක් ලබා දෙන එවැනි කිසිදු තොරතුරක් හෝ
වැඩසටහනක් අමාත්‍යාංශයේ පූර්ව අනුමැතියකින් තොරව මාධ්‍යයට නිකුත් නොකරන ලෙසද අමාත්‍යංශය දැනුම්දී ඇතැයිද සඳහන් වේ.

එබැවින් මින් ඉදිරියට මාධ්‍යයට ප්‍රකාශ දීමේ දී මේ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ද අමාත්‍යංශය බන්ධනාගාර මූලස්ථානය වෙත උපදෙස් දී ඇතැයි ද වාර්තා වේ.

මේ පිළිබඳව බන්ධනාගාර  කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා ගෙන් කල විමසීමකදී ඔහු ඒ බව තහවුරු කළේය.

අමාත්‍යාංශයේ පූර්ව අනුදැනුමකින් තොරව කිසිදු ප්‍රකාශයක් නොදෙන ලෙස අමාත්‍යංශ උපදෙස් දී ඇතැයිද ඒ මහතා සඳහන් කර ඇත.


gossip lanka