රාජ්‍ය සේවක වැටුප මන්ත්‍රී වැටුපට සමාන කරන්න යෝජනාවක්….

රාජ්‍ය සේවකයකුගේ අවම වැටුප පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ අවම වැටුපට සමාන කළ යුතු බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා රජයෙන් ඉල්ලා සිටී.

වත්මන් ආණ්ඩුව යටතේ පමණක් ජීවන වියදම රුපියල් 5,000කට
ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති මොහොතක මන්ත්‍රී වැටුප ඉහළ දැමිය යුතු යැයි මහජන නියෝජිතයන් කරන ඉල්ලීම ලැජ්ජා සහගත යැයි ලාල්කාන්ත මහතා චෝදනා කරයි.

ලාල්කාන්ත මහතා පවසන්නේ දැනට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලබන අවම වැටුප වන රුපියල් 54,285ට සමාන අවම වැටුපක් රාජ්‍ය සේවකයාට හිමිවිය යුතු බවත් එය සාධාරණ මෙන්ම තර්කානුකූල ඉල්ලීමක් බවත්ය.

ඔහු පැවැසුවේ සේවකයාගේ වැටුප් ඉහළ දැමීමකින් තොරව මන්ත්‍රි වැටුප ඉහළ දැමීමට කටයුතු කිරීම කිසිසේත්ම අනුමත නොකරන බවයි.

ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුවද රාජ්‍ය සේවකයාගේ වැටුප පාර්ලිමේන්තු මන්ත්‍රි වැටුපට සමාන විය යුතු බව හෙතෙම වැඩිදුරටත් පැවැසීය.


gossip lanka