පුත්තලම ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්‌වීමේදී එහි ලේකම්වරයා විසින් සභිකයකුට ජල බෝතල් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස සිද්ධියට මුහුණ දුන් සභිකයා මුන්දලම පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.
පෙරේදා මෙලෙස ජල බෝතල් ප්‍රහාරයට ලක්‌වූයේ පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා වන නිමල් බමුණුආරච්චි යි.
පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන
සඳරුවන්ගේ ප්‍රධානත්වයෙන් සභාව එදින රැස් වූයේ මදුරන්කුලියේ පිහිටි එම සභාවේ ප්‍රධාන කාර්යාලයේදීයි.
පුත්තලම ප්‍රාදේශීය සභාව විසින් ඉදිකර ඇති මදුරන්කුලිය වෙළෙඳ සංකීර්ණයේ කඩ කාමර බදු දීමේදී අක්‍රමිකතාවක් සිදු වී ඇති බව සභික (හිටපු සභාපති) නිමල් බමුණුආරච්චි මෙහි දී ප්‍රශ්නයක් ඉදිරිපත් කර තිබෙනවා.
එම අවස්‌ථාවේදී සභා ලේකම් සෝමසිරි ජයසිංහ සහ සභිකයන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙන අතර අවසානයේදී තම මේසය මත තිබූ ජල බෝතලයෙන් සභා ලේකම්වරයා විසින් නිමල් බමුණුආරච්චි සභිකයා වෙත ප්‍රහාරයක් එල්ල කර ඇති බවටයි වාර්තා වන්නේ.
පුත්තලම ප්‍රාදේශීය සභාව මොන්ටිසෝරියක් කරගනියි
2018-08-30T08:10:00+05:30
Gossip Lanka Hot News
slide|