නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් අධිකරණයට අපහාස කලේ යයි කර ඇති පැමිණිල්ල එළැඹෙන සැප්තැම්බර් 05 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ටාධිකරණය තීරණය කර තිබේ.
නීතිපතිවරයා විසින් ගොනු කර ඇති චෝදනා පත‍්‍රය අගවිනිසුරු ප‍්‍රමුඛ
විනිසුරු මඩුල්ලක් විසින් විභාග කරයි.
අදාල නඩුව ඊයේ දිනයේ කැදවූ අවස්තාවේදී නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේ තමනට එරෙහි චෝදනාවන් පිලි නොගන්නා බවයි.
නීතිපතිවරයා අධීකරණය හමුවේ සදහන් කර ඇත්තේ රාමනායක මහතාගේ ප‍්‍රකාශයෙන් අධිකරණයට අපහාසයන් වන්නේ යයි බැලු බැල්මට පෙනෙනා බවයි.
බොහෝ දුරට නියෝජ්‍ය ඇමතිවරයාටද ඥාණසාර හිමියන්ට ආකාරයෙන්ම සිර දඬුවම් නියම වනු ඇති බවට සමාජ ජාලයන්හි අදහස් හුවමාරු වෙමින් ඇත.
විශේෂත්වය වන්නේ රන්ජන් රාමනායක මහතාට ලැබෙන තීන්දුව සම්බන්දයෙන් අභියාචනාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක්ද නොමැති වීමයි.
ඥාණසාර හිමිගේ චෝදනාවමයි.. රන්ජන්ටත් ජම්පරය සූදානම්.. ඇපීල් කරන්නවත් අවස්ථාවක් නෑ..
2018-08-09T07:48:00+05:30
Gossip Lanka Hot News
slide|