යුද්ධය අවසන්වී රට සාමකාමී මාවතකට පිවිසි අවස්ථාවේදී උතුරු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් අසත්‍ය කතා පවසමින් අන්තවාදී පිළිවෙතක් අනුගමනය කරන බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා පැවසීය.
ආණ්ඩුකාරවයා මේ බව පැවසුවේ, ‘සුජාත දරුවෝ‘ සංකල්පය යටතේ
පාසල් දරුදැරියන්ගේ ගුණාත්මක අධ්‍යාපනය වර්ධනය කිරීමේ අරමුණින් ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ලක් පොළොන්නරුව නුගගහදමන මුස්ලිම් කනිෂ්ඨ විද්‍යාලයට උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ සුරතින් ප්‍රදානය කිරීමේ අවස්ථාවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා
“දැන් විග්නේෂ්වරන් මහතා අන්තවාදී කතා කියනවා යුද්ධය අවසන්වී දුක් විඳි මිනිස්සු මේ රට සාමකාමීවී එන විට එය අවුල් කිරීමට බොරු කතා කියනවා. උතුරේ පන්සල් හදන්න එපාලු. නමුත් දකුණේ පන්සල් පල්ලි හැදුවට කාගේවත් ප්‍රශ්නයක් නැහැ. අපේ පන්සල් ඇතුළෙ හින්දු දෙවිවරු වඩම්මවා ගෙන ඇවිත් තියෙනවා.“ යැයි පවසා සිටියේය.
විග්නේශ්වරන් අන්තවාදියෙක්… රට අවුල් කරන්න හදනවා – උතුරු ආණ්ඩුකාරවරයාගෙන් චෝදනා
2018-08-06T08:38:00+05:30
Gossip Lanka Hot News
slide|