උතුරු පළාත් සභාවේ සියලුම අමාත්‍යවරුන් ඉල්ලා අස්වී නව අමාත්‍යවරුන් දිවුරුම්දීම සිදුකළ යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.
ආණ්ඩුකාරවරයා පෙන්වා දෙන්නේ ඕනෑම පළාත් සභාවක සිටිය යුත්තේ අමාත්‍යවරුන් පස් දෙනෙක් වුව ද අධිකරණ නියෝගයත් සමඟින් උතුරු
පළාත් සභාව තුළ අමාත්‍යවරුන් හය දෙනෙකු සිටින බවයි.
මේ හේතුවෙන් උතුරු පළාත් සභාවේ පරිපාලනයට අදාළ නීති,රීති ප්‍රතිපත්ති සැකසීමට පවා නොහැකි වී ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පවසයි.
අභියාචනාධිකරණය මඟින් ලබා දී ඇති අතුරු නියෝගය හේතුවෙන් බී.ඩැනීෂ්වරන් මහතාට සිය අමාත්‍යාංශයේ බාධාවකින් තොරව වැඩ කිරීමට පහසුකම් සලසාදීමත් සමඟ මෙම අර්බුදය හටගෙන ඇති අතර එයට හොඳම විසඳුම නම් සියලු අමාත්‍යවරුන් ඉල්ලා අස්වී නව අමාත්‍යවරුන් පත්කිරීම බව රෙජිනෝල්ඩ් කුරේ මහතා පෙන්වා දෙයි.
අමාත්‍යවරයෙකු පත්කිරීමට හෝ ඉවත් කිරීමට තමාට බලයක් නොමැති අතර උතුරු පළාත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා මෙම ගැටළුවට කඩිනමින් විසඳුම් ඉදිරිපත් කළ යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා වැඩිදුරටත් පවසයි.
උතුරේ සියළු අමාත්‍යවරුන්ට අස්වෙන්නැයි ආණ්ඩුකාර කුරේ දන්වයි…
2018-08-14T08:25:00+05:30
Gossip Lanka Hot News
slide|