සුජාත දරුවෝ සංකල්පය යටතේ පාසල් දරුදැරියන්ගේ ගුණාත්මක අධ්‍යාපනය වර්ධනය කිරීමේ අරමුණින් ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ලක් පොළොන්නරුව නුගගහදමන මුස්ලිම් කනිෂ්ඨ විද්‍යාලයට උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ සුරතින් පසුගියදා ප්‍රධානය කර තිබේ.
මෙම සංකල්පය යටතේම ගරු උතුරු පළාත් ආණ්ඩුකාරතුමන්ගේ සුරතින් පොළොන්නරුව ප්‍රදේශයේම තවත් පාසලක් වන පල්ලියගොඩැල්ල
විද්‍යාලයටද මෙවැනිම ගොඩනැගිල්ලක් ලබාදුන් අතර එම දරුදැරියන් පැවසූයේ තමන්ගේ අධ්‍යාපනය වර්ධනය කර ගැනීමට අතිගරු ජනාධිපතිතුමන් විසින් ලබාදෙන මෙම සහයෝගය ඉතා අගය කරන බවයි.
ළමුන් 115කින් ආරම්භ කල නුගගහදමන මුස්ලිම් කනිෂ්ඨ විද්‍යාලයේ මේ වනවිට 1 වසරේ සිට 11 වසර දක්වා පංති පැවැත්වෙන අතර මෙම දෙමහල් ගොඩනැගිල්ල ලබාදීම තුලින් දරුවන්ගේ අධ්‍යාපනයට මහත් පිටිවහලක් ලැබිණ¡
එහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාරතුමා,
ලංකාවේ අනාගතය පවතින්නේ දැනුම හා අධ්‍යාපනය තුලින් මේ ලෝකේ සියලූම සත්ත්වයන්ගෙන් උතුම්ම සත්ත්වයා තමයි මිනිසා අධ්‍යාපනය සඳහා උනන්දුවක් ඇතිවෙන කොට ආර්ථීක දියුණුව විතරක් නෙමෙයි ජාතීන් අතර ආගම් හා කුලභේද මේ සියල්ල නැති වෙනවා. මේ ලෝකේ තියෙන උතුම්ම වස්තුව රත්තරන් මුතු මැණික් ඉඩකඩම් නොවෙයි. දැනුම තමයි තියෙන උතුම්ම වස්තුව. අප ලබාගන්නා දැනුම කිසි කෙනෙකුට හොරකම් කරන්න බැහැ, මේ ලංකාව දියුණු කිරීමට අපහසු වී ඇත්තේ ජාතීන් අතර ඇති අසමඟිකම් නිසා. මැද පෙරදිග රටවල පවා දියුණු වීම අඩාල වී ඇත්තේ අසමඟිය නිසා. මේ රටේ වැඩිපුරම ලේ දන් දෙන්නේ සිංහල මිනිස්සු. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ දර්ශනය ජාතී ආගම් කුලභේද වලින් තොර රටක් බවට පත් කිරීමයි. දැන් විග්නේෂ්වරන් මහතා අන්තවාදී කතා කියනවා. යුද්ධය අවසන් වී දුක් විඳින මිනිස්සු මේ රට සාමකාමී වී එන විට එය අවුල් කිරීමට බොරු කතා කියනවා. උතුරේ පන්සල් හදන්න එපාලූ. නමුත් දකුණේ පන්සල් පල්ලි හැදුවට කාගේවත් ප්‍රශ්නයක් නැහැ. අපේ පන්සල් ඇතුලේ හින්දු දෙවිවරු වඩම්මවා ගෙන ඇවිත් තියෙනවා. එවගේම කුඩු අපිට පටවන්නේ පිටරටින්, ඒ තුලින් අපිට අපේ දරුවෝ නැති වෙනවා. සමාජය දූෂණය වෙනවා, සමාජය වැරදි මගට යොමු වෙනවා, මෙය නිවැරදි කරන්න අපි එඩිතරව කටයුතු කරන්න ඕන.
මේ අවස්ථාව සඳහා නැවත පදිංචි කිරීම පුනරුත්තාපන හා උතුරු සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු කාදර් මස්තාන් මහතා,ප්‍රදේශයේ දේශපාලන නායකයින්, රාජ්‍ය නිලධාරීන් සහභාගි වී සිටියහ.
විග්නේෂ්වරන් රට අවුල් කරන්න බොරු කතා කියන බව රෙජිනොල්ඩ් කියයි
2018-08-03T15:26:00+05:30
Gossip Lanka Hot News
slide|