නාගරික මන්ත්‍රීවරුන්ගේ වැටුප ඉහළ නැංවීමට රෝසිගෙන් යෝජනාවක්

කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන්ගේ වැටුප රුපියල් 25,000කින් ඉහළ නැංවීමට මහා සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කළ බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.

ඇය පෙන්වාදෙන්නේ මන්ත්‍රීවරුන්ගේ වැටුප ඉහළ නැංවීම අසාධාරණ
නොවන බවයි.

නාගලගම්වීදිය පොදු වෙළඳ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් රෝසි සේනානායක මහත්මිය මේ බව ප්‍රකාශ කළේය.

එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේ කොළඹ නගර සභාව තුළ කිසි දිනක නොදුටු සංවර්ධනයක් ඇති කර ඇති බවයි.

gossip lanka