දුම්රියට පඩි වැඩි වෙනවා නම් අපිටත් ඕනේ - තවත් වෘත්තිය සමිතියක් හඬ නගයි

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් ඊයේ (27) සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත් සේනාරත්න සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී එම නියෝජිතයින් ඉල්ලා ඇත්තේ දුම්රිය සේවයේ වැටුප් වැඩිවීමක්
සිදුවන්නේ නම් ඊට සමගාමීව සිය වැටුප් ද වැඩි කළ යුතු බවයි.

දුම්රිය සේවය පමණක් විශේෂ කොට වැටුප් වැඩිවීමක් සිදු නොවන බව එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

සමස්ථ රාජ්‍ය සේවයේම පවතින වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා කරුණු ඉදිරිපත් කිරීමට රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසමක් ඉකුත්දා පත් කෙරුණා. කිසියම් ගැටලූවක් වේ නම් එම කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙයසි  අමාත්‍යවරයා සෞඛ්‍ය වෘත්තිය සමිති නියෝජිතයින් වෙත වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ.


gossip lanka