මන්ත්‍රී දීමනා වැඩි කිරීමට රෝසි ගෙන ආ යෝජනාව සම්මතයි

කොළඹ මහ නගර සභාවේ ඊයේ පැවති මාසික රැස්වීම අතරතුර මන්ත්‍රී දීමනාව රුපියල් 20000කින් වැඩි කිරීමට අදාල යෝජනාව සම්මත වී තිබේ.

යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය විසිනි. ඒ අනුව කොළඹ මහ නගර සභාවේ නාගරික
මන්ත්‍රීවරයෙකුගේ මාසික දීමනාව රුපියල් 34000 සිට රුපියල් 54000 දක්වා ඉහළ යනු ඇත.

යෝජනාව සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු සිය විරෝධප ප්‍රකාශ කිරීමත් සමඟ සභාව උනුසුම් මුහුණුවරක් ගත් නමුත් බාධා කිරීම් මැද යෝජනාව සම්මත වී තිබේ.



gossip lanka