ඇමති අමණුගම තෙල් ගෙන්වීම ගැන හැලුවේ කෙබරයක් ?

ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන්ම ඛනිජ තෙල් ආනයනය කරනුයේ ඉරානයෙන් බවට අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පෙරේදා (14දා) පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේදී පවසා ඇති බව වාර්තා වූ අතර ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ගවලින් වාර්තාවන්නේ ලංකාව පසුගිය වසර අට
තුළම ඉරානයෙන් තෙල් ලබා ගෙන නැති බවයි.

ඒ අනුව වසර 2009 සිට ලංකාව ඉරානයෙන් තෙල් ලබාගෙන නොමැත.

ලංකාව තෙල් ලබාගෙන ඇත්තේ අබුඩාබියෙන් වන අතර ඒ මර්බන් (Murbn) නැමැති තෙල් වර්ගයකි.

අමාත්‍යවරයා ඇමෙරිකානු ආර්ථික සම්බාධක ඉදිරියේ ශ්‍රී ලංකාව සමග ගනුදෙනු කිරීමට රුපියල භාවිත කිරීමට ඉරානය කැමැත්ත පළකර ඇති බවට පවසා ඇතත් ලබන නොවැම්බරයේ සිට එසේ කිසිදු මුදල් වර්ගයකින් ඉරානය සමඟ ගනුදෙනු කිරීමට ඇමරිකාව සම්බාධක පනවා ඇති බවද විදෙස් වාර්තාවල දැක්වේ.

ඇමරිකානු ජනපති බැරැක් ඔබාමාගේ පාලන සමයේදී ඉරානයට පැවැති ආර්ථික සම්බාධක ඉවත් කළ ද ඛනිජ තෙල් සංස්ථාව ඉරාන තෙල් ගැනීමට උනන්දු වී නොමැති බවත්, ඒ අබුඩාබියෙන් මර්බන් (Murbn) තෙල් ඉරාන තෙල්වලට වඩා ලංකාවට ප්‍රතිථලදායක නිසා බවද පැවසේ.

gossip lanka