ස්වාධීන වීමට සැරසෙන මන්ත‍්‍රීවරුන්ට ශ‍්‍රිලනිපයෙන් රතුඑළි

ඒකාබද්ධ විපක්ෂය සමග කටයුතු කරන සිය පක්ෂයේ මන්ත‍්‍රීවරුන් ස්වාධීන වීමේ තීරණයක් ගනු ලැබුවහොත් ඔවුන් පක්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්
මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා.

අප විමසීමකදී මහ ලේකම්වරයා ඒ පිළිබඳව සඳහන් කළා.

එක්සත් ජනති නිදහස් සන්ධානයේ මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර ද මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.

එහිදී සඳහන් කෙරුණේ "එක එක්කෙනා වෙන වෙනම ලිපි ලබා දුන්නහොත් අපි ඒකට අවසර දෙනවා. ජයග්‍රහණයත් තියෙනවා නම්..අනාගතයක් තියෙනවා නම්..දිනන්නත් පුළුවන් නම්..ඒ ගොල්ලෝ පොහොට්ටුව පක්ෂයේ සාමාජිකත්වය ගන්නේ නැත්තේ ඇයි." යනුවෙනි.


gossip lanka