පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව කථානායකගෙන් කමිටුවක්

පළාත් සභා මැතිවරණය පැවැත්විමට අදාළ නිර්දේශ ලබාදීම සඳහා කථානායකවරයා විසින් කමිටුවක් පත් කිරීමට තීරණය වී තිබේ.

කථානායක කාර්යාලය පැවසුවේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්
පංච පුද්ගල කමිටුවක් මේ සඳහා පත් කෙරුණු ඇති බවයි.

ඉදිරි දින කිහිපය තුළදී මෙම කමිටුව පත් කෙරෙනු ඇත.

අග්‍රාමාත්‍යවරයාට අමතරව පත් කෙරෙන සෙසු සාමාජිකයින් දේශපාලකයින් නොවන අදාළ ක්ෂේත්‍රය පිළීබඳ දැනුමක් ඇති බුද්ධිමතුන් වන බව කථානායක කාර්යාලය පවසයි.

එම කමිටුව විසින් අදාළ නිර්දේශ ඔක්තෝබර් මාසය මැද බාගය වන විට ලබා දෙන්නේනම් ලබන වසරේ ජනවාරි මස පළාත් සභා මැතිවරණය පැවැත්විම සදහා පූර්ණ සහයෝගය ලබාදිය හැකි බවට විශ්වාස කෙරෙන බවයි කථානායක කාර්යාලය නිවේදනය කරයි.


gossip lanka