පොලිසිය දෙකඩ කරන වගන්ති නව ව්‍යවස්‌ථාවේ

යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කෙටුම්පත තුළටද ශ්‍රී ලංකා පොලිසිය දෙකඩ කිරීමේ වගන්ති ඇතුළත් කර ඇත.

මෙම වගන්ති මත ශ්‍රී ලංකා පොලිසිය සහ ශ්‍රී ලංකා පළාත් පොලිසිය ලෙස පොලිස්‌ දෙපාර්තමේන්තුව වෙන් කළ යුතු බව සඳහන් කර තිබේ. ඒ අනුව
පළාත්බද පොලිසිවලටද ජාතික පොලිසියට හිමි අවි ආයුධ ලබා ගැනීමට ඉඩ ලැබේ.

ශ්‍රී ලංකා පොලිසිය දෙකඩ කළහොත් අනාගතයේදී බරපතළ ප්‍රශ්නවලට මුහුණපෑමට සිදුවන බව හිටපු පොලිස්‌පතිවරුන් කීප දෙනකුමද රජයේ බලධාරීන්ට පෙන්නුම් කර ඇත. එහෙත් ඒ ගැන තැකීමක්‌ කර නොමැත.

කීර්ති වර්ණකුලසූරිය

gossip lanka