වයඹ, පළාත් රෝහල්වල පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් අද (30) වැඩ වර්ජනයක නිරත වනවා.
තමන්ට හිමි හිග අතිකාල දීමනා වහාම ගෙවන ලෙස පළාත් බලධාරීන්ට බල කරමින් මෙම වැඩවර්ජනය සිදු කෙරෙන බවයි පරිපූරක වෛද්‍ය
සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය පැවසුවේ.
එහි ප‍්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා මේ බව සඳහන් කළා.
ඖෂධවේදීන්, වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යා නිලධාරීන්, විකිරණ විද්‍යා තාක්ෂණ නිලධාරීන්, භෞත චිකිත්සකවරුන්, වෘත්තීය චිකිත්සකවරුන් සහ කථන චිකිත්සකවරුන් වැනි වෘත්තිකයින් පරිපූරක වෛද්‍ය සේවාවට ඇතුළත් වනවා. ඒ අනුව වයඹ පළාත් රෝහල්වල ඖෂධ සැපයීම සහ රසායනාගාර සේවා ඇතුළු කටයුතු අද අඩාල වනු ඇති බවයි පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය පැවසුවේ.
වයඹ රෝගීන් අද පීඩා විඳී
2018-08-30T07:39:00+05:30
Gossip Lanka Hot News
slide|