ජනබල සේනා විරෝධතා ජන රැළිය අද

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජනබල සේනා විරෝධතා සහ ජන රැළිය අද (02) පැවැත්වේ.

අද පස්වරු 2.00ට කොළඹ ලිප්ටන් වටරවුමේදී විරෝධතාව පැවැත්වෙන අතර විරෝධතා රැළිය පස්වරු 3.00ට විහාර මහාදේවී එළිමහන් රංගපීඨයේදී පැවැත්වීමට නියමිතය.

“රට වනසන, රට පාවාදෙන, වැඩ බැරි පරගැති ආණ්ඩුව වහා පලවාහරිමු”
යන තේමාව යටතේ එය සංවිධානය කර තිබේ.


gossip lanka