නිකිණි පුර පසලොස්වක පොහොය දිනය අදයි

අද(25) නිකිණි පුර පසලොස්වක පොහොය දිනයි.

අජාසත්ත රජුගේ දායකත්වයෙන් රජගහ නුවරදී ප්‍රථම ධර්ම සංගායනාව පවත්වා ඇත්තේ අදවන් නිකිණි පොහොය දින බව සඳහන්ය.

ආනන්ද හිමියන් රහත් බාවයට පත්විම, බුදුන් වහන්සේගේ ලලාට ධාතුව
නිදන් කර සේරුවිල චෛත්‍ය තැනීම ආරම්භ කිරිම, පෙරවස් මඟ හැරි ගිය භික්ෂුන් වහන්සේලා පසුවස් සමාදන්විම නිකිණි පුර පලොස්වක පොහොය දිනක සිදුව තිබේ.

මේ අතර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසල මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ විථි සංචාරය කිරීමට නියමිතයි.

gossip lanka