විපක්ෂ නායක ධූරය වෙනුවෙන් අද පාර්ලිමේන්තුවේ අරගල?

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මතය කථානායක කරු ජයසුරිය මහතා වෙත ලැබී තිබේ.

කථානායක කාර්යාලය සඳහන් කළේ අදාළ තීරණය අද(07) දිනයේ පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සඳහා දිනේෂ් ගුණවර්ධන
මන්ත්‍රීවරයා පත් කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය පසුගියදා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

ඒ අනුව කථානායකවරයා විසින් විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මත විමසා සිටි අතර ඊයේ(06) රාත්‍රියේ අදාළ තීරණය කථානායකවරයා වෙත යොමුකළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

විපක්ෂ නායක ධුරයේ වෙනසක් නොවී ආර්.සම්බන්ධන් මහතාටම හිමිවිය යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේවෙතත් ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධුරය ලබාදීමට කථානායකවරයා පියවර නොගතහොත් අද දිනයේ පාර්ලිමේන්තුව තුළ අරගල සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන බැවින් ඔවුන්ට විපක්ෂ නායක ධුරය පිරිනැමිය නොහැකි බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා සඳහන් කළේය


gossip lanka