අද(13) දිනය තුළ සියලු දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම් අබේවික්‍රම මහතා පවසයි.
අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සදහන් කළේ අද පස්වරුවේ සියලු කාර්යාල දුම්රිය ගැටළුවකින් තොරව
ධාවනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.
දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් පසුගිය බදාදා පස්වරු 03.00 සිට ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාම්ර්ගය ඊයේ(12) පෙරවරුවේ අත්හිටුවිමට ඔවුන් තීරණය කළා.
ඒ අනුව දුම්රිය ධාවන කටයුතු ආරම්භ කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්ත ද ඊයේ දිනයේදී දුම්රිය කිහිපයක් පමණක් ධාවනය වූ බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේය.
කෙසේවෙතත් රාත්‍රී තැපැල් දුම්රිය ගැටළුවකින් තොරව ධාවනය වූවද ගාල්ල තැපැල් දුම්රිය ධාවනය නොවූ බව ද වාර්තා වෙයි
ඒ අනුව රාත්‍රී 07.00ට මඩකලපුව බලා ධාවනය වන මීනගයා නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය, රාත්‍රී 07.15ට, තලෙයිමන්නාරම බලා ධාවනය වන දුම්රිය, රාත්‍රී 08.00ට බදුල්ල බලා ධාවනය වන දුම්රිය, රාත්‍රී 08.30ට යාපනය සහ කන්කසන්තුරේ බලා ධාවනය වන දුම්රිය සහ රාත්‍රී 09.30 මඩකලපුව සහ ත්‍රිකුණාමලය බලා ධාවනය වන තැපැල් දුම්රිය සුපුරුදු පරිදි ධාවනය වී තිබේ.
කෙසේවෙතත් අද උදෑසන කාලයේදීත් ප්‍රධාන කාර්යාලය දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම් අබේවික්‍රම මහතා සඳහන් කළේය.
මේ අතර අද දිනයේ දුම්රිය ධාවන කටයුතු සුපුරුදු පරිදි සිදු කෙරෙන බවයි දුම්රිය මෙහෙයුම් අධික්ෂණ නිළධාරින්ගේ සංගමයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
අද සිට දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2018-08-13T08:18:00+05:30
Gossip Lanka Hot News
slide|