දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වෙයි.
වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් පසුගිය බදාදා පස්වරුවේ සිට වර්ජනයක නිරත වී සිටියි.
ඒ හේතුවෙන් මඟීන් දහස් ගණනක් සිය දෛනික ප්‍රවාහන සේවා සපයා
ගැනිමේ දුෂ්කරතාවකට මුහුණදී සිටිති.
දුම්රිය වෘත්තිය සමිති පවසන්නේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබාදෙන තෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
ඊයේ(09) පස්වරුවේ දුම්රිය 08ක් කොළඹ කොටුවේ සිට දුර බැහැර ප්‍රදේශවලට යොමු කිරීමට දුම්රිය පාලක මැදිරිය පියවර ගෙන තිබුණි.
ඉන් එක් දුම්රියක් ඊයේ රාත්‍රී අම්බලන්ගොඩ, ඇල්පිටිය දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්වී තිබේ.
මේ අතර අද(10) උදෑසන 04.45ට පමණ මහව දුම්රිය ස්ථානයේ සිට කොළඹ බලා දුම්රියක් පිටත් වු බව සඳහන් කළේය.
දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර ලබාගත් මගීන්ට ලංගම බස් රථ වල ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති අතර මඟී අවශ්‍යතාව අනුව බස් රථ ධාවනය කරවිමට යුධ හමුදාව ද ඉදිරිපත්වී සිටියි.
මේ අතර වර්ජනය නවත්වා සාකච්ඡාවට පැමිණෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සියලු වෘත්තිය සමිතිවලින් ඉල්ලීමක් කරයි.
ඉල්ලීම් කිසිවිටෙකත් ප්‍රතික්ෂේප කර නොමැති අතර ඒ සඳහා දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ පැවසුවේ දුම්රිය සේවකයින්ට වැටුප් වැඩ කළහොත් සමස්ත රාජ්‍ය සේවයම අර්බුදයකට ලක්වනු ඇති බවයි.
අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ සමස්ත රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සඳහා විශේෂ රාජ්‍ය කොමිසමක් පත් කිරීම සඳහා ඉදිරි සතියේදී කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බවයි.
දුම්රිය වර්ජනය තවදුරටත්
2018-08-10T08:12:00+05:30
Gossip Lanka Hot News
slide|