දුම්රිය සේවකයන් දින 07ක් දෙයි

සිය ගැටළුව සම්බන්ධයෙන් වෙනත් ක‍්‍රමයකින් හෝ ජනාධිපතිවරයා මැදිහත් වනු ඇතැයි දුම්රිය වෘත්තීය සමිති අපේක්ෂා කරනවා.

ඒ, රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය සම්බන්ධයෙන් පත් කළ විශේෂ කොමිසමේ තීරණය පැමිණීමට මාස 02ක පමණ කාලයක් ගතවන බවට ප‍්‍රකාශ වීමත් සමගයි.

එහෙත් දුම්රිය වෘත්තීය සමිති අවධාරණය කරන්නේ
තමන්ට සතියක් ඇතුළත විසඳුමක් අවශ්‍ය බවයි.

එබැවින් කැබිනට් තීරණයෙන් පරිබාහිරව හෝ සිය ගැටළුව විසඳීමට පියවර ගත යුතු බව දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න සඳහන් කළා.

තමන් ලබාදෙන්නේ දින 07ක කාලයක් බවත්, එසේ නොවන්නේ නම් ලබන 21 වැනිදායින් පසුව යළි වැඩ වර්ජනයක් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් දුම්රිය වෘත්තීය සමිති ඊයේ ප‍්‍රකාශ කළා.


gossip lanka