හමුදාවේ 50කට ඉන්දියාවේදී දුම්රිය රියැදුරු පුහුණුව !

ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 50ක් එන්ජින් රියැදුරන් ලෙස ඉන්දියානු රජයේ සහාය ඇතිව පුහුණු කිරීම සදහා ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලබාදෙන ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් වෙයි. හදිසි දුම්රිය
වර්ජනයකදී සාමාන්‍ය ජනතාව පීඩාවට ලක්කිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. එමෙන්ම දුම්රිය වර්ජනයකදී රාජ්‍ය හා පෞද්ගලික අංශවල ක්‍රියාකාරිත්වය අඩපණ වීම වැළැක්වීමටද එය ඉවහල් වන බව ඔහු සඳහන් කළේය. එමෙන්ම හදිසි අවස්ථාවකට මුහුණුදීම සඳහා දුම්රිය රියැදුරන් පමණක් නොව නියාමකයන්, පාලකවරුන් පුහුණු කිරීමේ අවශ්‍යතාවද යුද හමුදාව විසින් කලකට පෙර ආරක්ෂක අමාත්‍යාංශයට පෙන්වා දී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

gossip lanka