බිබිල ප්‍රදේශයේ පාසලක අ.පො.ස. උසස් පෙළ හදාරන දැරියකගේ ජංගම දුරකථනයක තිබූ ඇගේ නිරුවත් ඡායාරූප හා දර්ශන සොරාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර ඇගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ පාසලක පරිගණක විද්‍යා විෂය ඉගැන්වූ තරුණ ගුරුවරයකු පෙරේදා (4දා) අත්අඩංගුවට ගත් බව මොනරාගල කොට්ඨාස අපරාධ
විමර්ශන අංශය පවසයි.
බිබිල ප්‍රදේශයේ ටියුෂන් ගුරුවරු සිවු දෙනකු පෙර කී පාසල් දැරිය සමඟ ජංගම දුරකථනවල ඇති වයිබර් හා ඉමෝ තාක්ෂණය ඔස්සේ ඔවුන්ගේ නිරුවත් ඡායාරූප හුවමාරු කර ගන්නා බවට මොනරාගල කොට්ඨාසය භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාට ලැබුණු තොරතුරකට අනුව ඒ මහතාගේ උපදෙස් මත මොනරාගල කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විල්ෆ්‍රඩ් සිල්වා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කළ විමර්ශනයකින් පසු එම දැරිය හා ඇගේ මවුපියන් පොලිසියට කැඳවා කළ දීර්ඝ ප්‍රශ්න කිරීමකින් පසු සැකකාර පරිගණක ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී දැරිය පොලිසියට පවසා ඇත්තේ තමන්ගේ ජංගම දුරකථනය 'හැක්' කොට එහි තිබූ ඇගේ නිරුවත් දර්ශන ඇතුළත් ඡායාරූප හා දර්ශන මෙම සැකකාර ගුරුවරයා විසින් සොරාගෙන ඒවා අන්තර්ජාලයට මුදා නොහැරීමට නම් ඇගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බවයි.
කෙසේ නමුත් පොලිසිය පවසන්නේ බිබිල ප්‍රදේශයේ ප්‍රකට පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ආයතනයක ගුරුවරුන් සිවු දෙනකු මෙම දැරිය සමඟ ෆේස්බුක් හරහා සම්බන්ධතා ගොඩනඟාගෙන 2016 වසරේ සිට ඔවුන්ගේ ජංගම දුරකථන ඔස්සේ තම තමන්ගේ නිරුවත් ඡායාරූප හුවමාරු කරගෙන තිබෙන බවට අනාවරණය වී ඇති බවයි.
ටෙලි නළුවෙකුත් සම්බන්ධයි
එමෙන්ම මෙම දැරිය සමඟ ලංකාවේ ටෙලි නාට්‍ය නළුවකුද ජංගම දුරකථනයේ වයිබර් හා ඉමෝ තාක්ෂණය යොදාගෙන නිරුවත් ඡායාරූප හුවමාරු කරගෙන තිබෙන බවට හෙළි වී ඇත.
පොලිසිය පවසන්නේ මෙම සයිබර් අපරාධ විමර්ශන සඳහා කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පිහිටුවන ලද විශේෂ ඒකකයක් මඟින් මේ පිළිබඳව විමර්ශනයක් අරඹා තිබෙන බවත් එම විමර්ශන අවසන් වූ වහාම මීට සම්බන්ධ අනෙක් ගුරුවරුන් සිවුදෙනා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත්ය.
පරිගණක විෂය භාර ගුරුවරයා කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මඟින් අත්අඩංගුවට ගෙන බිබිල පොලිසියට ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ (05දා) බිබිල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතව තිබිණි.
මොනරාගල කොට්ඨාසය භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල, පොලිස් අධිකාරි ඩී.එම්. තිලකරත්න යන මහත්වරුන්ගේ උපදෙස් හා නියෝග මත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විල්ෆ්‍රඩ් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
මූලාශ්‍ර - මව්බිම
සිසුවියකට නිරුවත් රූප යැවූ ටෙලි නළුවෙක් ගැන හෙළිවෙයි
2018-08-06T13:36:00+05:30
Gossip Lanka Hot News
slide|