වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත හෙවත් වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් වන පනත් තෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (09) සිදුකිරීමට නියමිතව තිබේ.

අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී මේ
සම්බන්ධයෙන් විවාදය පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මීට අමතරව ස්වාධීන කොමිෂන් සභා වල සභාපතිවරුන්ගේ සහ සාමාජිකයින්ගේ වැටුප් හා දීමනා වැඩිවීම සම්බන්ධයෙන් වූ විවාදය ද අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

මේ අතර අද පස්වරුවේ ජන මාධ්‍ය වලට ආණ්ඩුවෙන් එල්ල වන මර්ධනය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති යෝජනාව පිළීබද විවාදය ද පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා සඳහන් කලේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් අදාළ විවාදය පැවැත්වීම සඳහා ඒකමතිකව එකගතාවය පළ කර ඇති බවයි.


gossip lanka