වැලිකඩ උද්ඝෝෂණය පස්සේ ජේලර්වරියන් 05ක් !

වැලිකඩ කාන්තා අංශයේ රැඳවියන් උද්ඝෝෂණයට පෙළඹවීම පිටුපස කාන්තා නියාමකයන් 5 දෙනෙකු සිටින බවට තොරතුරු ලැබී ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයෙන් වාර්තා වේ.

හිටපු ප්‍රධාන ජේලර්වරියගේ ස්ථානමාරුව අවලංගු කරගැනීම සඳහා
බෝධි පුජා පැවැත්වූ කාන්තා නියාමකවරියන් පවා මේ අතර සිටින බවද පැවසේ.

එම ප්‍රධාන ජේලර්වරිය සමඟ ළඟින්ම සිටි බව කියන, මෙම නියාමකවරියන් 5 දෙනා විවිධ දූෂිත ක්‍රියාවන්ට සම්බන්ධ බවටද චෝදනා එල්ලව තිබෙන බවද වාර්තා වේ.

මෙම එක් නියාමකවරියක බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය රැගෙන යන බවට ලැබී ඇති තොරතුරු මත ඇයට බන්ධනාගාරය තුළ රාජකාරින් පවා හිටපු වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයකු විසින් තහනම් කර තිබී ඇත.

gossip lanka