උතුර, නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
හම්බන්තොටසහ මාතලේ දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. 40-50
දක්වා තරමක තද සුළං ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් විය.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කාරුණිකව ඉල්ලා සිටියි.
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස28වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතී.
අද(31) දහවල් 12.10ටමුසල්කුට්ටි, තුඩරික්කුලම්, කුඩාගම, මැදියාව සහ මන්කානෛ යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
අද කාලගුණය මෙහෙමයි
2018-08-31T07:44:00+05:30
Gossip Lanka Hot News
slide|