අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සෝනි පික්චර්ස් නෙට්වර්ක්ස් ඉන්ඩියා සමාගමෙන් ලැබිය යුතුව තිබූ මුදල් වංචා සහගතව මාරු කිරීමට ගිය හොංකොං ගිණුම හා එහි හිමිකරු බව හඳුනාගෙන ඇති චීන ජාතික Zhang Xiaoming නැමැතා සමඟ ක්‍රිකට් ආයතනයේ අය ගණුදෙණු කර ඇත්දැයි සොයා බලමින් සිටින බව වාර්තා වේ.
මේ අතර, ක්‍රිකට් ආයතනයෙන් නිතර සිංගප්පූරුවට ගිය කාන්තාවක් හා තවත් දඹුල්ල ප්‍රදේශයේ අයකු
සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
මොවුන් දෙදෙනාම හිටපු සභාපතිවරයා සමඟ කිට්ටුවෙන් ගණුදෙනු කළ අය වේ.
හොකොං ගිණුමට ක්‍රිකට් ආයතනයේ 2ක් ගැන සැක !
2018-09-19T14:05:00+05:30
Gossip Lanka Hot News
slide|