ආසියානු කුසලානයේ මුලික වටයේ සහභාගී වූ තරඟ දෙකම පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියේ මුලික වටයෙන්ම ඉවතට විසිවුණා.
මෙලෙස නින්දාසහගත පරාජයකට මුහුණදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ඇතුළු පිරිසක් තම අමාත්‍යංශයට කැඳවීමට ක්‍රීඩා
අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.
මේ අනුව නායකයාට අමතරව ජේෂ්ඨ ක්‍රීඩකයින්පු, හුණුකරු, කළමණාකරු සහ කණ්ඩායමේ සහායක කාර්ය මණ්ඩලය මෙලස තම අමාත්‍යංශයට කැඳවීමටයි ඇමතිවරයා පියවර ගෙන ඇත්තේ.
එහිදී මේ පරාජයට හේතු විමසීමට ඇමතිවරයා කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අද සවස යලි දිවයිනට පැමිණීමට නියමිතයි.
මෙහිදී වැඩිදුර අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙරට සෙසු ක්‍රීඩාවලට වඩා ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවශ්‍ය සියලූම සම්පත් ලබාදී තිබෙන පසුබිමක, ලෝක ශූරතාව දිනාගෙන තිබෙන රටක කණ්ඩායමක් මෙසේ විශාල පසුබෑමකට ලක්වීම ප්‍රශ්නයක් බවද පැවසීය.
‘‘ක්‍රීඩාවේදී ජය පැරදුම භාරගත යුතු වුවත් ශ්‍රී ලංකාව වැනි කණ්ඩායමක් බංග්ලාදේශයට, ඇෆ්ගනිස්ථානයට පරදින විට එතැන ප්‍රශ්නයක් තියෙනවා. මම ක්‍රීඩා ඇමැති විදියට ඒ පිළිබඳ පුහුණුකරුගෙන්, තෙරීම්භාර කමිටුවෙන් සහ ක්‍රීඩකයන්ගෙන් කරුණු විමසීමට ඔවුන්ට කැඳවීමක් කර තිබෙනවා’’ යැයි අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් අවධාරණය කළේ.
කෙසේ නමුත් මේ ප්‍රබල පසුබැස්ම පිළිබඳ ක්‍රීඩකයන්ද කණස්සල්ලෙන් සිටින බවද ඔවුන්ගේ පැත්තෙන්ද මේ පිළිබඳ අවධානය යොමුකළ යුතු බවද අමාත්‍යවරයා කියා සිටි.
ආසියානු කුසලානයෙදී ලැබූ අන්ත පරාජයේ වගකිවයුත්තන් ගැන ඇමති ගත් විශේෂ තීන්දුව මෙන්න
2018-09-19T16:33:00+05:30
Gossip Lanka Hot News
slide|