බෞද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් කිහිපයක් සිදුවු බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.
මෙම පොහොය දිනය ලෝකවාසී කාන්තාවන්ට විශේෂ වූ පොහොය දිනයක් ලෙස හැඳින්විය හැකිය.
බුදුන් වහන්සේ “විශාලා මහනුවර කූටාගාර ශාලාවේ” වැඩ වෙසෙන
සමයේ “මහ ප්‍රජාපතී ගෝතමී” දේවිය හා “රෝහිනී” නදී තීරයේදී පැවිදි වූ කුමාරුවන්ගේ භාර්යාවන් 500 දෙනෙකු කසාවත් හැඳ හිසකේ සිඳ “කිඹුල්වත්” නුවර සිට “විශාලා” මහනුවර දක්වා පැමිණ “අෂ්ට ගරු ධර්ම” පිළිගත් පසු, මුල්වරට භික්ෂුණී ශාසනය පිහිටුවීමට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ අද වැනි පොහොය දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන්ය.
එසේම බුදුන් වහන්සේ පස්වග තවුසන්ට ධර්මය දේශනා කර බුද්ධත්වයෙන් පසු එළඹි පළමු වස්සාන ඍතුව “බරණැස් නුවර ඉසිපතනාරාමයේ” වැඩ වාසය ආරම්භ කළේද අද වැනි දිනක සිට බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.

Tags
slide