වෙනස් වුණ බස් ගාස්තු අද සිට ක්‍රියාත්මකයි

බස් ගාස්තු ඉහළ නැංවීම අද(21) සිට ක්‍රියාත්මකයි.

සමාන්‍ය සේවා බස් ගාස්තු 4% කින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමිණි.

එහෙත් අවම බස් ගාස්තුව වන රුපියල් 12හි වෙනසක් සිදු නොවේ.

ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර
මහතා සඳහන් කළේ, සුඛෝපභෝගී බස් සේවා ගාස්තු ඉහළ දැමීමක් සිදු නොවන බව ය.

අර්ධ සුඛෝපභෝගී සේවා ගාස්තු ද, 4% කින් ඉහළ දැමෙන අතර, සමාන්‍ය සේවා ගාස්තු මෙන් එකහමාරක ගුණයක්, අර්ධ සුඛෝපභෝගී සේවා සඳහා අය කරන බව ද ඔහු සඳහන් කළේ ය.


gossip lanka