රජය සම අනුග්‍රහය දක්වා ඇති යෝජනාවට කැබිනට් අනුමැතියත් නෑලු

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙනආ විකල්ප යෝජනාවට රජය සම අනුග‍්‍රහය දක්වා ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා.

මේ පිළිබඳව ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ජනාධිපතිවරයා විසින් කරුණු පැහැදිලි කිරීමක්
සිදුකළ යුතු බවයි ඔහු පැවසුවේ.

ජිනීවා මානව හිමිකම් කොමිෂම හමුවේ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට තමන් ඇතුළු කණ්ඩායමක් අද (18) රාති‍්‍රයේ දිවයිනෙන් පිටත්ව යන බවයි රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර කියාසිටියේ.

මානව හිමිකම් කොමිසම හමුවේ ශ‍්‍රී ලංකාව වෙනුවෙන් කරුණු දැක්වීමට ජගත් දේශපේ‍්‍රමි ලාංකික සංසදයද ජිනිවා නුවරට පැමිණ සිටිනවා.



gossip lanka