බස්නාහිර පළාත් සභාවට සැප පුටු ගෙන්වීම නවතියි

බස්නාහිර පළාත් සභාවට රුපියල් ලක්ෂ හයහමාර බැගින් වටිනා පුටු 144ක් ගෙන්වීම වාහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා තීරණය කර තිබේ.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැදවා අද(13) ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේය.

බස්නාහිර පාළාත් සභාවට අධික මිලකට පුටු මිලදී ගැනීමට යන බව
බස්නාහිර පාළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු වන ලක්ෂ්මන් නිපුනාරච්චි මහතාගෙන් පැමිනිල්ලක් ලැබුණු බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා සඳහන් කළේය.

එම පැමිනිල්ලේ මතුපිට කරුණුවලට අනුකූලව ආණ්ඩුකාර විසින් වහාම මෙය අත්හිටුවන ලෙස ප්‍රධාන ලෙකම්වරයා වෙත නියොග කළ බව ආණ්ඩුකාරවරයා පෙන්වා දෙයි.

ඉන්පසුව ප්‍රධාන ලේකම්වරයා විසින් මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වීම සඳහා සිව් දෙනෙකු යුතු පිරිසක් පත්කරනු ලැබු බව අණ්ඩුකාරවරයා සඳහන් කරයි.

පළාත් සභාව සඳහා අවශ්‍ය වන්නේ පුටු 104ක් බවත් පුටු 150ක් ඇණවුම් කරණු ලබන්නේ කුමකටද යන්න අණ්ඩුකාරවරයා විසින් විමසූ අවස්ථාවේදී යම් පුද්ගලයෙකු විසින් ආණ්ඩුකාරවරයාට පවසා ඇත්තේ ඉදිරියේදී පැමිණීමට නියමික මන්ත්‍රීවරුන් සඳහා මෙම ප්‍රමාණය ඇණවුම් කළ බවයි.


gossip lanka