මහින්ද යුගයේ මිලට බොරතෙල් ගියොත් මිල සූත‍්‍රය අනුව පෙට‍්‍රල් ලීටරය 295යි…

මසකට වරක්ම ඉන්ධන මිල මිල සූත්‍රයක් අනුව ඉහළ දමන්න හා සමානවම සියලුම සේවක සේවිකාවන්ගේ වැටුප් ඉහළ දැමීම සඳහා ද වැටුප් සූත්‍රය ගෙන ආ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඒ
මහතා මේ බව කීය.

මෙම ඉන්දන මිල සූත්‍රය කුමක්ද කියා හෝ මිල වැඩි වන්නේ කෙසේද කියා හෝ කීමට ජනාධිපතිවරයාද නොදන්නා බවත් ඛනිජ තෙල් අමාත්‍ය වරයා හෝ වෙනත් කිසිවෙකු නොදන්නා බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මුදල් ඇමතිවරයා හැර වෙනත් කිසිවෙකු මෙම මිල සූත්‍රය ගැන නොදන්නා බවත් තොරතුරු දැන ගැනිමේ පනත යටතේ මේ ගැන කිසිදු තොරතුරක් නොදෙන බවත් මන්ත්‍රීවරයා කියා සිටියි.

2008 වසරේ දී මෙන් බොරතෙල් බැරලයක් ඩොලර් 140 දක්වා ඉහළ ගිය හොත් මෙම මිල සූත්‍රය අනුව මෙරට පෙට්‍රල් ලීටරයක් රුපියල් 295 වැඩි මිලකට නියම වන බව ද ඔහු සඳහන් කලේය.

gossip lanka