ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර විශ්වවිද්‍යාලයක සේවය කරමින් සිටියදි ත්‍රස්ත චෝදනා මත එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් ඥාති පුත් මොහොමඩ් නිසාම්දීන් එවැනි ක්‍රියාවක් සිදු කර ඇති බව විශ්වාස කළ නොහැකි බව අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පවසයි.
විදෙස් මාධ්‍ය ආයතනයක් ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදි අමාත්‍යවරයා
මේ බව පවසා ඇත.
තම ඥාති පුත්‍රයා එවැනි ත්‍රස්ත ක්‍රියා සිදු කළ හැකි පුද්ගලයෙකු නොවන බවත් අමාත්‍යවරයා පවසා ඇත.
ඔහුගේ පුතාගේ නිර්දෝශිභාවය පිළිබඳ පුර්ණ විශ්වාසයක් ඇති නමුත් ඕස්ට්‍රේලියානු නීතිය ක්‍රියාත්මකවන ආකාර සම්බන්ධයෙන්ට තම පවුලේ සියළු දෙනා ගරු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
මේවන තෙක් තම ඥාති පුතා සමඟ කතා කිරිමටවත් අවස්තාවත් හිමි නොවුනත් ඉදිරියෙදි ඒ සඳහා අවස්තාවක් හිමි වනු ඇතැයි සිතන බවද ඔහු ප්‍රකාශ කර ඇත.
තමන් අමාත්‍යවරයෙක් වුවත් එම බලතල පාවිච්චිකරමින් ශ්‍රී ලංකා අජයෙන් කිසිදු මැදිහත් වීමක් ඒ සඳහා සිදු නොකරන බවත් එසේ සිදු කරතෙත් එය වැරදි ක්‍රියාවක් බවත් ඔහු පැවසීය.
මෙ තම පවුලේ පෞද්ගලික ප්‍රශෟණයක් පමණක් බවත් තම පවුල මෙම අත්අඩංගුවට ගැනිම හේතුවෙන් දැඩි අර්බුධ කාරි තත්ත්වයකට මුහුණ දි ඇති බවත් අමාත්‍යවරයා මෙහිදි පවසා ඇත.
වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා ඇත්තේ වර්තමානයේ ත්‍රස්ත ක්‍රියා බෙහෙවින් සිදුවන නිසා ඕස්ට්‍රේලියානු රජය දැඩි විමසිල්ලෙන් සිටින බවයි.
එම නිසා එරට නීතිය ක්‍රියාත්ම කිරිම සම්බන්ධයෙන් පුර්ණ විශ්වාසයෙන් යුතුව තම පවුලේ සමාජිකයන් කටයුතු කරණ බවද අමාත්‍යවරයා පවසා ඇත.
ත්‍රස්ත චෝදනාවට ලක් වූ ඥාති පුතා ගැන ෆයිසර්ගෙන් පැහැදිලි කිරීමක්
2018-09-04T11:33:00+05:30
Gossip Lanka Hot News
slide|