ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (20) රැස්වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රාත්‍රී 7.00 ට ජනාධිපති නිළ නිවසේදී මධ්‍යම
කාරක සභාව රැස්වීමට නියමිතය.
පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.
මධ්‍යමකාරක සභාව සඳහා පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනාට ද ආරාධනා කර ඇති බව රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අද පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගීවන්නේ ද යන්න පිළිබඳව අද දෙරණ, 16 කණ්ඩායමෙන් විමසීමක් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන තුරු තම කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගී නොවීමට තීරණය කර ඇති බවයි.
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි
2018-09-20T07:30:00+05:30
Gossip Lanka Hot News
slide|