ශ්‍රී ලංකා යුද හමුදාවට එල්ල කරන සමූල ඝාතන චෝදනා අසත්‍ය බවත්, දරුස්මාන් සහ යස්මින් සුකා සැකසු වාර්තා මුළුමුනින් ගොතන ලද අසත්‍ය කරුණුවලින් ගහන බවත් දැක්වීම සදහා ගෝලීය දේශප්‍රේමී ලාංකික සංසදය ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධාන සැසියට සමගාමීව විශේෂ අතුරු සැසියක් කැඳවීය.
එහිදී මහා බ්‍රිතාන්‍යයයේ සිට පැමිණි ඉන්දික ගුණසේකර සහ කැනඩාවේ
සිට පැමිණි ආචාර්ය වර්ණ හෙට්ටිආරච්චි මුලික අදහස් දැක්වීම සිදු කළේය.
මූලික ඉදිරිපත් කිරීම්වලින් පසු සංවාදය ඇරඹිණි. ප්‍රකට කොටි හිතවාදියකු ලෙස සැලකෙන බ්‍රිතාන්‍ය ජාතික දැන් ප්‍රංශයේ පදිංචිව සිටින ඩේවිඩ් වේලි දිගින් දිගටම ශ්‍රී ලංකා යුද හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා නැගීය. ඔහු දීර්ඝ කලක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතනවල සේවය කළ අයෙකි. යුද අපරාධ චෝදනා අඩංගු දරුස්මාන් වාර්තාව සකස් කළ අයගෙන් එක් අයකු වූ යස්මින් සුකා එම රැස්වීම පැවති ගොඩනැගිල්ලේම ඉහල මාලයේ සිටින බවත් කරුණු බොරුනම් ඇයගෙන් ඇසිය හැකි බවත් වේලි පැවසීය.
මේ අවස්ථාවේ අදහස් දැක්වූ චන්න ජයසුමන මහතා සුකා සිටින්නේ මේ ගොඩනැගිල්ලේ ද වෙනත් ගොඩනැගිල්ලකද යන වග වැදගත් නැති බවත් ඔවුන් වාර්තාව පිළියෙළ කිරීමේදී අනුගමනය කළ ක්‍රියා මාර්ගය මෙන්ම වාර්තාව ද සාවද්‍ය බවත් පැවසීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් සේවය කරන සුකා මහත්මිය වැනි වැදගත් අයට චෝදනා නොකරන ලෙසත් මියන්මාරය සම්බන්ධයෙන්ද ඇය මේ වනවිට විමර්ශනයක් පවත්වන බවත් වේලි මහතා පැවසීය. මහාචාර්ය ජයසුමන මහතා ඒ සමගම “සුකා ලංකාව ගැනත් මියන්මාරය ගැනත් මෙතරම් උනන්දු අන් හේතුවක් නිසා නොව දෙරටම ථෙරවාද බෞද්ධ රටවල් නිසා” බව පැවසීය.
තත්වය අවාසිදායක බව තේරුම්ගත් ඩේවිඩ් වේලි තමන්ට වෙනත් කටයුත්තක් ඇතැයි පවසමින් ශාලාවෙන් පිටව ගියේ තව දුරටත් රැදී සිටින ලෙස ශ්‍රී ලාංකික නියෝජිත පිරිස කළ ඉල්ලීමද නොසලකා හරිමිනි.
බංගලාදේශයේ සිට පැමිණි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලැබූ බුද්ධප්‍රිය ස්වාමීන්වහන්සේ ද ශ්‍රී ලංකාවට සහය දැක්වීමට ශාලාවේ රැදී සිටියහ. ගෝලීය දේශප්‍රේමී ලාංකික සංසදයේ සභාපති වසන්ත කීර්තිරත්න මහතා ඇතුළු පිරිස විශේෂ අතුරු සැසිය කැඳවීය.
ලක් පුතුන් ජිනීවා කොටි පරදා දණ ගස්වති.. කොටි වෙනුවෙන් පැමිණි ඩේවිඩ් පැරදී පැන දුවයි.. (Video)
2018-09-21T07:46:00+05:30
Gossip Lanka Hot News
slide|